ඉබෝලා සමග සෞඛ්‍ය වැඩවර්ජන
ලයිබීරියානු සෞඛ්‍ය ක්ෂේත්රයේ වැඩවර්ජනයක් සඳහා කැඳවා තිබුණත්, එරට සෞඛ්‍ය සේවකයන් පිරිසක් සේවයට වාර්තා කර තිබුණි.
ඉබෝලා වෛරසය පැතිර ඇති බටහිර අප්‍රිකානු රටවල් අතර ඉදිරියෙන්ම පවතින රටක් ලෙස සැලකෙන ලයිබීරියාවේ සෞඛ්‍ය ක්ෂේත්රය මෙසේ වැඩවර්ජනයකට යෑම දැඩි අර්බුදකාරී තත්ත්වයෙක් මතුකර තිබුණි.
එරට ජාතික සෞඛ්‍ය සේවක සංගමය වැඩි පඩි ඉල්ලා මෙසේ වැඩවර්ජනය දියත් කර තිබුණත්, ඇතැම් සේවකයන් සිය රාජකාරීන් වෙත පැමිණ තිබුනේ ඉබෝලා වෛරසය තුළ රට මුහුණ දී ඇති අසීරු තත්ත්වය නිසා බව කියැවෙයි.
විශේෂයෙන්ම ඉබෝලා රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීමේදී ඔවුන් මුහුණ දෙන අවදානම මත වැඩි පඩි ඔවුන් ඉල්ලා සිටි අතර, ඒ වෙනුවෙන් ගෙවන අවදානම් දීමනා වැඩිකළ යුතු බවද කියා තිබුණි.
ඉබෝලා හේතුවෙන් බටහිර අප්‍රිකාවේ ලයිබීරියා, සියෙරා ලියෝන්, ගිනියා සහ නයිජීරියා යන රටවල පුද්ගල ජීවිත 4,000කට වැඩි පිරිසක් බිලිගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

