බටහිර අප්‍රිකාව මූලික කරගෙන පැතිරෙන ඉබෝලා වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති පිරිස මේ වනවිට 2,288 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, ඉන් අඩක්ම පසුගිය සති තුනක කාලය තුළ ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මරණ සංඛ්‍යාවෙන් 47% ක් සහ ඉබෝලා වෛරසය ශරීරගත වූ 4,269න් 49%ක් පසුගිය දින 21 තුළදී වාර්තා වන බවයි.
එම සංවිධානය අනතුරු අඟවන්නේ මීට වඩා වැඩි ජීවිත හානි ලයිබීරියාවෙන් වාර්තා විය හැකි බවයි. ඉබෝලා පැතිරීම සම්බන්ධයෙන් වඩාත් දරුණු තත්ත්වයක් ලයිබීරියාවේ පවතී.