ඉන්දුනීසියාවේ බොර්නියෝ දූපත් ආසන්න මුහුදේ ඛනිජ තෙල් කාන්දුවක් සමග ඇති වූ ගිනි ගැනීම් හේතුවෙන් එම පළාතේ හදිසි තත්ත්වයක් ප්රකාශයට පත්කර තිබේ.
මෙම පළාත ආශ්රිත බාලික්පාපන් වරාය නගරයේ ධීවරයන් සිව් දෙනෙකු මෙම ගිනි ගැනීම් සමග ඇති වූ පිපිරීම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, සෙනසුරාදා දිනයේ සිට සිදුවන මෙම තෙල් කාන්දුව සමග සිය ගණනක් රෝගාතුර වී ඇති බවද සඳහන් වෙයි.
කෙසේ වෙතත්, මෙම තෙල් කාන්දුවට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර, එම කාන්දුව තවදුරටත් සිදුවීම නිසා තත්ත්වය භයානක වී ඇති බව බලධාරීහු පවසති.
කෙසේ වෙතත්, මේ අශ්රිතව ඇති තෙල් පිරිපහදුවේ කළමනාකාර අධ්යක්ෂවරයා පවසා තිබුණේ මෙසේ ගිනි ගැනීමට ලක්ව ඇත්තේ පිරිපහදු කළ කනිජ තෙල් නොවන බවයි. ඒවා බොහෝ විට සාගරය ආශ්රිතව පවතින කනිජ තෙල් විය හැකි බවද හෙතෙම පවසා ඇත.