ඉන්දුනීසියාවේ බටහිර ජාවා දූපත් හි හමුදා කඳවුරක් ඉදිරිපිට නිර්මාණය කර තිබූ කොටියෙකුගේ ප්‍රතිමාවක් අන්තර්ජාලය තුළ හාස්‍යයට ලක්වීමත් සමග එය කඩා ඉවත්කර තිබේ.
ජාවා හි කුඩා ගම්මානයක් වූ ගරූට් හි සිලිවැන්ගි හමුදා විධානයේ මංගල වස්තුව කොටියා වීම හේතුවෙන් මෙවැනි ප්‍රතිමාවක් නිර්මාණය කර තිබුණි.
නමුත්, බැලූ බැල්මටම විකට ස්වරූපයක් ගත් කොටි ප්‍රතිමාව අන්තර්ජාලය තුළ දැඩිව හාස්‍යයට ලක්ව ඇත්තේ එය අදාළ හමුදා විධානයේ සැබෑ කොටි ලාංඡනයෙන් බොහෝ වෙනස් බව පවසමිනි.
"මම දන්නේ නෑ ඇයි කියලා... ඒත් ඒ රූපය දිහා බලන හැම වෙලාවකදිම මට බකස් ගාල හිනා යනවා..." එක් ෆේස්බුක් ප්‍රතිචාරයක සඳහන් විය.
කෙසේ වෙතත්, මෙම කොටි ප්‍රතිමාව වසර කිහිපයක් පුරා ඒ ස්ථානයේ පැවතියත් එය අනතර්ජාලය තුළ මෑතක සිට මෙසේ හාස්‍යයට ලක්ව ඇති බවද සඳහන් වෙයි.
නියම ලාංඡනයේ ඇති කොටි රූපය..