ඉන්දුනීසියාවේ වඩාත් ප්රකට කඳු නැගීම් ආශ්රිත සංචාරක ප්රදේශයක් ආශ්රිත ගිනි කන්දක් විදාරණය වීමෙන් ඒ ආශ්රිතව සිටි සංචාරකයන් 1,100ක් පමණ ඉවත් කර තිබේ.
ලොම්බොක් දූපතේ පිහිටි බරුජාරි කන්ද මෙසේ විදාරණයට ලක්ව ඇති අතර, පිපිරීමත් සමග මීටර් 2,000ක් පමණ ඉහළට දුම්වලා සහ යමහල් අළු නැගුණු බවද විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, ගිනිකන්ද විදාරණය වීමත් සමග තවමත් අතුරුදන්ව සිටින සංචාරකයන් සිය ගණනක් සෙවීමේ සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇති බවද එරට ආපදා ඒජන්සිය පවසයි.
එනමුදු, මෙම ගිනි කඳු විදාරණය හේතුවෙන් අනතුරකට පත්වූවෙකු පිළිබඳ වාර්තා නොවන බවද එම ඒජන්සිය පවසයි.