ඉන්දුනීසියාවේ ජනාකීර්ණ කතෝලික දේවස්ථානයක බෝම්බයක් පුපුරුවා ගැනීමට උත්සාහ කළ තරුණයෙකුගේ උත්සාහය ව්‍යර්ථ වීමත් සමග ඔහු පියතුමා වෙත පොරෝ පහරක් එල්ල කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
වයස අවුරුදු 18 ක තරුණයෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ, උතුරුදිග සුමාත්‍රා පළාතේ, මේඩන් හි කතෝලික දේවස්ථානයක ඉරිදා දේවමෙහෙය පැවැත්වෙන අවස්ථාවේදීය.
මෙම තරුණයා සිය පසුපස ගමන් මල්ලේ බෝම්බය රැගෙන විත් ඇති අතර, ඔහු දේවමෙහෙය අවස්ථාවේදී අල්තාරය කරා දිව ගියත්, බෝම්බය පිපිරී නැති බව කියයි.
අවසානයේදී ඔහු සිය පසුපස මල්ලේම වූ පොරොවකින් 60 හැවිරිදි පූජකවරයා වෙත ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, තවත් ඉන්දුනීසියානු වාර්තාවක සඳහන් වන්නේ එම ප්‍රහාරය පිහි ප්‍රහාරයක් බවය.
කෙසේ වෙතත්, එම පූජක තැනට පසුගියදා ප්‍රංශයේදී ඉස්ලාම් අන්තවාදියෙකු අතින් ගෙල සිඳ ඝාතනය වීමට සිදුවූ ඉරණම අත් නොවීම වාසනාවක් බවත්, ඉන්දුනීසියානු පූජක තැනගේ එක් අතක පමණක් කැපුම් තුවාලයක් පමණක් ඇති බවත් ඉන්දුනීසියාන මාධ්‍ය වාර්තා කරයි.
මෙම ඉන්දුනීසියානු තරුණයාද IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ ආභාෂය ලැබූවෙකු බව කියැවෙයි.