ඔහු බැලූ බැල්මට සාමාන්‍ය ශරීරයක් හෙබි ඉන්දුනීසියානු තරණයෙකි.
කෙසේ වෙතත්, අද ඔහු ඉන්දුනීසියාව පුරාම ප්‍රචලිතව සිටින්නේ යකඩ මිනිසා යන අන්වර්ථ නාමයෙනි.
ආඝාත තත්ත්වයක් හේතුවෙන් අකර්මණ්‍යව ඇති සිය වම් අතට යළි පණ ලබාදීම සඳහා තමා විසින්ම නිර්මාණය කර ගත් රොබෝ අතක් හේතුවෙන් ඔහුට මෙම අන්වර්ථ නාමය ලැබී ඇත.
බැලූ බැල්මට ටර්මිනේටර් යුගයක් සිහිගන්වන ඔහුගේ මෙම රොබෝ අත මටසිළුටු නිර්මාණයක් නොවූවත්, ඉන් තමාගේ කාර්යයන් වඩාත් පහසුවෙන් සිදුකර ගත හැකි බව මෙම රොබෝ මිනිසා පවසයි.
වෙල්ඩිම්කරුවෙකු ලෙස තමාගේම වෘත්තියක නිරතව බාලි ප්රදෙශ්යේ ජීවත් වන ඔහු නමින් වයියාන් සුමර්දාන ලෙස සැලකෙයි.