රළු මුහුදේ අනතුරට ලක්වූ ඉන්දුනීසියානු යාත්‍රාවක සිටින පිරිස් බේරා ගැනීමට මෙහෙයුම් අරඹා ඇති බව විදෙස් වාර්තා කියයි.
මෙසේ රළු මුහුදේ අතරමං වූ යාත්‍රාව මුදා ගැනීමේ මෙහෙයුම්වලදී කුඩා දරුවන් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවී ඇති අතර, තවත් 23 දෙනෙකු නිරුපද්‍රිතව බේරාගැනීමට සමත්ව ඇති බව බලධාරීන් පවසයි.
සුලාවාසි දූපත්වලට ඔබ්බෙන් ගැඹුරු මුහුදේදී විශාල රළවල වැදීමෙන් මෙම යාත්‍රාව අනතුරට පත්ව ඇති අතර, එහි එන්ජිම අක්‍රීය වීමෙන් යාත්‍රාව හසුරුවාගත නොහැකිව අතරමං වී තිබේ.
එම යාත්‍රාවේ කපිතාන්ගෙන් ලැබුණු අවසන් පණිවුඩයට අනුව යාත්‍රාව තුළට ජලය පැමිණෙන බව තිබුණු බවද බලධාරීහු පවසති.