බටහිර හිමාල කඳුකරයේ මතභේදයට ලක්වූ දේශසීමාවේ ඉන්දීය හා චීන හමුදා සාමාජිකයන් අතර ගල් මුල් ප්රහාරයක් සිදුව ඇති බව වාර්තා වෙයි.
පී.ටී.අයි. පුවත් සේවය වාර්තා කරන ආකාරයට දෙපාර්ශ්වයේම හමුදා සාමාජිකයන් එකිනෙකාට ගල්මුල්වලින් පහරදී ඇති අතර, එහිදී, ඇතැම් සොල්දාදුවන් සුළු තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.
පැන්ගොන්ග් විල ආසන්න ඉන්දීය සීමාවේ මෙය සිදුව ඇති අතර, චීන හමුදා සාමාජිකයන් ඉන්දීය සීමාවට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී මෙම ගැටුම ඇති වී තිබේ.
කෙසේ වෙතත්, බිජිං පාලනය පවසන්නේ තම හමුදා චීන සීමාවේ රැඳී සිටි බවයි.
ඉන්දියාව හා චීනය මේ වනවිට ඩොක්ලාම් ප්රදේශය ආශ්රිතවද දැඩි මතභේදයකට නතුව සිටින අතර, එය චීනය, ඉන්දියාව හා භූතානය ආශ්රිත දේශසීමාවකි.