ඉන්දීය සිනමා නළුවෙකු උරු පැටවෙකුද අතින් ගෙන බැංකු පෝලිමක සිටින දසුනක් එරට සමාජජාල මාධ්‍යවල වඩාත් කතාබහට ලක්ව තිබේ.
දකුණු ඉන්දියාවේ ජනප්‍රිය සිනමා තරුවක වන රවී බාබු පවසා සිටියේ තමාගේ මීළඟ සිනමා සිත්තම වන ආධිගෝ චිත්‍රපටයේ මෙම ඌරු පැටියාද රංගනයෙන් යෙදෙන බවයි.
ඉන්දියාවේ කළු සල්ලි සුදු කිරීමේ පරමාර්ථයෙන් එරට තුළ රු.500/- සහ රු.1,000/- නෝට්ටු අවලංගු කිරීමත් සමග මේ දිනවල දීර්ඝ පෝලිම් දැකගත හැකිය.
ඌරු පැටවා රැගෙන පරිගණක සජීවකරණ චිත්රාගාරයක් වෙත යමින් සිටියදී, තමා අතේ මුදල් නොතිබූ නිසා මෙසේ ඌරු පැටවාද රැගෙන පෝලිමට පැමිණි බම ඔහු පවසා තිබේ. තම නිෂ්පාදන සහායකයා ඌරු පැටවා තබාගැනීමට උත්සාහ කළත්, ඌ වඩාත් එකතු තමාට බැවින් මේ ආකරයෙන් ඌරු පැටවාද රැගෙන ඒමට සිදුවූ බවද ඔහු වැඩිදුටත් පවසා ඇත.
බන්ටි නමින් හැඳින්වෙන මෙම ඌරු පැටවා මෙන්ම තවත් ඌරු පැටව් 25 දෙනෙකු මෙම නවතම චිත්‍රපටයේ රඟදක්වන බව කියැවෙයි.
කෙසේ වෙතත්, මෙය තමාගේ චිත්‍රපටය වෙනුවෙන් පූර්ව ප්‍රචාරයක් ලබාගැනීම සඳහා ඔහු හිතාමතා කළ ක්‍රියාවක් බවද ඇතමෙකු පැවසුවත්, ඔහු ඌරු පැටවා සමග බැංකු පෝලිමේ සිටින දසුන මේ වනවිට එරට සමාජජාල තුළ මහත් ආන්දෝලනයක් ඇති කර තිබේ.