ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් තමා වෙත ලැබුණු ට්ටිටර් පණිවුඩයකට ලබාදුන් පිළිතුරක් ඉන්දියාව තුළ විශාල ජනප්‍රියත්වයක් ලබා තිබේ.
වෙන්කට් නැමැත්තෙකු ඇය වෙත ට්විටර් පණිවුඩයක් එවමින්, තම ශීතකරණය පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
ඊට බොහොම සරල ලෙස පිළිතුරු ලබාදී තිබූ අමාත්‍යවරිය පවසා තිබුණේ, තමන් ගෘහ විදුලිඋපකරණ සම්බන්ධයෙන් කටයුතු කිරීම හොඳම පුද්ගලයා නොවන බවයි.
"සහෝදරයා... ශීතකරණයක් ගැන කාරණාවලට නම් මට උදව් කරන්න පුළුවන්කමක් නෑ. මම ජනතාව දුකින් මුදවාගන්න බොහෝ කාර්යබහුල වෙලයි ඉන්නෙ..." ඇය සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර තිබුණි.
තම ශීතකරණය සම්බන්ධයෙන් අසතුටෙන් සිටින පාරිභෝගිකයා වෙත අමාත්‍යවරිය යැවූ ට්විටර් පණිවුඩය බොහෝ වේගයෙන් සමාජජාල තුළ පැතිරී ගිය බව ඉන්දීය මාධ්‍ය කියයි.