1984 දී ඉන්දියාවේ රන් දෙවොලට එල්ල වූ ප්රහාරය සිහි කැඳවමින් පැවති උත්සවයකදී ඇතිවූ උණුසුම්කාරී වාතාවරණයක් හේතුවෙන් පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
සික් ජාතිකයන්ගේ ශුද්ධ වූ දෙවොලක් ලෙස සැලකෙන රන් දෙවොලේ පැවති විශේෂ පූජාවේදී මෙම ගැටුම ඇතිවී ඇති අතර, ඇතැම් පුද්ගලයන් කඩු මුගුරු රැගෙන සිද්ධිය වූ ස්ථානයට පැමිණෙන ආකාරය සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
වාර්තාවන්ට අනුව පුද්ගලයන් තිදෙනෙකු පමණ රෝහල් ගත කර ඇති අතර, තවත් තුවාලකරුවන් සිටින බවද කියැවෙයි.
1984 වසරේදී දෙවොලේ මියගිය සික් ජාතිකයන් සිහි කිරීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්වී ඇති අතර, නමුත්, වැඩි වේලාවක් යාමට පෙර එම උත්සවයද ගැටුමක් බවට පත්වී ඇත.
ඔවුන් පවසා සිටියේ වසර 30කට පසුව ශුද්ධ වූ රන් දෙවොල නැවත වරක් අගෞරවයට පාත්ර වූ බවයි.