ඉන්දීය බදු ප්‍රතිසංස්කරණ සමග GST බද්ද කරළියට
ඉන්දියාවේ මෙතෙක් පැවති ෆෙඩරල් හා රාජ්‍ය බදු ප්‍රතිපත්ති රැසක් ප්‍රතිසංස්කරණය කරමින් ඒ සියලු වෙළෙඳ පොළ ඒකාබද්ධ වන ලෙස භාණ්ඩ හා සේවා බද්ද (GST) හඳුන්වාදීමට කටයුතු කර තිබේ.
විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක් පවත්වමින් මෙම බදු ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡාවට බඳුන්වී ඇති අතර, මෙම නව බදු ප්‍රතිසංස්කරණ සමග අනවශ්‍ය රෙගුලාසි ඉවත් වෙමින් එරට බදු ආදායම ඉහළ ගොස්, ආර්ථික වර්ධනය ඉහළ යනු ඇති බව ඉන්දීය රජය පවසයි.
ඉන්දියාවේ මුදල් අමාත්‍ය අරුන් ජෙට්ලි පවසන්නේ මෙම බදු ප්‍රතිසංස්කරණ සමග අමතර 2% ක පමණ ආරථික වර්ධනයක් බලාපොරොත්තු වන බවයි.
කෙසේ වෙතත්, මෙම නව බදු ප්‍රතිපත්තියට යෑම සඳහා එරට ව්‍යාපාර රැසක් යම් කාලයක් ඉල්ලා ඇති අතර, ඔවුන්ට මෙම බදු පද්ධතියට ඇතුළු වීමට ක්ෂණික සූදානමක් නොපවතින බව සඳහන් කර ඇත.
විශේෂයෙන්ම, ඉන්දීය ව්‍යාපාර රැසකට මේ සමග ලියාපදිංචි වීම සඳහා පරිගණකයක් හෝ නොමැති වීමද ඊට හේතු වී තිබේ.
මෙම නව භාණ්ඩ හා සේවා බද්ද යටතේ 5%, 12%, 18% සහ 28% යන කාණ්ඩ 4ක් යටතේ බදු අය කෙරෙනු ඇති බව කියයි.
මෙහිදී, එළවළු, කිරි ආදිය මෙම බද්දට යටත් කර නොතිබුණත්, දැනට පවතින වෙනත් බදුවලට එය යටත් වෙයි.
මෙම නව බදු ප්‍රතිපත්තිය යටතේ එරට තුළ බෝහෝ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යෑමක් සිදුවනු ඇති බව කියයි.
විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙම නව බදු ප්‍රතිපත්තිය සමග ඉදිරි මාස කිහිපය තුළ ආදායම්වල අඩුවක් පැවතුණත්, සම්පූර්ණයෙන්ම මෙම නව ක්‍රමවේදයට හසුවීමත් සමග ආදායම් වර්ධනය වේගවත් වනු ඇති බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
