වයස අවුරුදු 6ක දැරියක ඉන්දීය දැරියක එරට ප්‍රකට පාසලකදී එහි සේවකයන් දෙදෙනෙකු අතින් සමූහ දූෂණයකට ලක්වීමේ සිදුවීමෙන් පසු බැංගලෝරයේ එකී පාසල් වර්ජනය කිරීමට දෙමවුපියන් තීරණය කර ඇති බව වාර්තා වෙයි.
එහිදී දෙමවුපියන් පවසා ඇත්තේ තම දරුවන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන තුරු දරුවන් පාසල් නොඑවන බවයි.
පසුගිය ජූලි 02 වැනිදා ඒ අවාසනාවන්ත අපරාධය සිදුවී තිබුණත්, දරුවාගේ දෙමවුපියන් එය දැනගෙන තිබුනේ දින කිහිපයකට පසුව දරුවා බඩේ අමාරුවක් යැයි පැවසීමෙන් පසුව වෛද්‍යවරයෙකු හමුවීමේදීය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කළද තවම කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොතිබීම සම්බන්ධයෙන්ද දෙමවුපියන් උරනව සිටී.
පාසලේ සරඹ භාර ගුරුවරයෙකු හා ආරක්ෂක නිලධාරියෙකු විසින් මෙම දැරිය දූෂණය කර ඇති බව තහවුරු කරගෙන තිබුණත්, එහි ආරක්ෂක නිලධාරීන් හා සරඹ ගුරුවරු රැසක් සිටින නිසා නිවැරදි සැකකරුවන් හඳුනා ගැනීමට කාලයක් අවශ්‍ය බව පොලීසිය පවස ඇත.
ඉන්දියාව ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් මේ වනවිට දැවැන්ත අර්බුදයකට ලක්ව සිටින අතර, බස් රථයක් තුලදී වෛද්‍ය ශිෂ්‍යාවක දූෂණය කර මරාදැමීමේ සිදුවීමෙන් පසු ස්ත්‍රී දූෂණයන්ට එරෙහිව දැඩි නීති පැනවීමට රජය කටයුතු කළත් තවමත් මෙම අපරාධ මැඩලීමට නොහැකි තත්ත්වයක් උද්ගතව පවතින බව කියයි.