ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට්යානයක් එරට අධිවේගී මාර්ගයකට ගොඩබස්වා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මේ ආකාරයෙන් අධිවේගී මාර්ගයට ප්රහාරයක ජෙට් යානයක් ගොඩබෑම සිදුකර ඇත්තේ හදිසි අවස්ථාවක ප්‍රහාරක ජෙට් යානයක් මහා මාර්ගයක් වෙත ගොඩබෑමේ පෙර පුහුණුවක් වෙනුවෙනි.
මිරාජ් 2000 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් මෙසේ දිල්ලියේදී යමුනා අධිවේගී මාර්ගය වෙත සාර්ථකව ගොඩබෑම සිදුකර ඇති අතර, සැතපුම් 102ක් දුර මෙම අධිවේගී මාර්ගය එරට නවීනතම අධිවේගී මාර්ගයක් ලෙස සැලකෙයි.
ඒ අනුව, ඉන්දියාව එරට අධ්වේගී මාර්ගවල කොටස් කිහිපයක් හදිසි දැනුම් දීමකින් පසුව හදිසි අවස්ථාවලදී ප්‍රහාරක ජෙට් යානා ගොඩබෑමට හැකි ගුවන් පථ ලෙස යොදා ගැනීමට සැලසුම් කරමින් සිටියි.