ඉන්දියාවේ 70 වැනි නිදහස් දිනය සමරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා සිටියේ වෙඩි උණ්ඩ සහ ප්රචණ්ඩක්රියාවලින් කාෂ්මීරයට නිදහසක් උදාකර ගැනීමට හැකි නොවනු ඇති බවයි.
නිදහස් දිනය නිමිත්තෙන් නව දිල්ලියේ පැවති විශේෂ සැමරුම් උත්සවය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කාෂ්මීරයේ බෙදුම්වාදීන්ට දැඩිව චෝදනා කළේය.
මුස්ලිම් බහුතරයක් වෙසෙන කාෂ්මීරය දශක කිහිපයක් පුරා ඉන්දියාව හා පාකිස්ථානය අතර ගැටුමක් ඇති කර තිබේ.
සාමාන්‍යයෙන් කාෂ්මීරයේ බෙදුම්වාදීන් හා ආරක්ෂක අංශ අතර දැකිය හැකි ගැටුම් වෙනුවට එකිනෙකා වැළඳ ගැනීමේ දිනය උදාවන දිනට සැබෑ ප්‍රශ්නයට විසඳුම් ලැබෙනු ඇති බව මෝදි පැවසීය.
පාකිස්තානය සිය 70 වැනි නිදහස් දිනය සැමරීමත් සමග ඉන්දියාවද සිය 70 වැනි නිදහස් දිනය අභිමානවත් ලෙස සැමරීය.
මෙහිදී, අගමැති මෝදි පවසා සිටියේ තමන්ට අහිමි වූ මේ සුන්දර පාරාදීසය යළි දිනාගැනීම සඳහා සියලු ඉන්දියානුවන් එකාවන්ව පෙළගැසිය යුතු බවයි.