ඉන්දියාවේ පවතින නියඟය මිලියන 330ක් පමණ වූ ජනතාවට අහිතකර ලෙස බලපා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාව පුරා උණුසුම් වායු දහරා ගමන් කරන බවත්, මේ වනවිට ඇතැම් ප්‍රාන්තවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ඇති බවත් කියැවෙයි.
මේ අතර, බටහිර මහාරාශ්ට්ර ප්‍රාන්තයේ ජලය රැගෙන ඒමට පැමිණි 11 හැවිරිදි දැරියක උණුසුම දරාගත නොහැකිව ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වෙයි.
යෝගිතා දේසායි නමැති මෙම දැරිය පැය දෙකකට වැඩි කාලයක් සෙල්සියස් අංශක 42ක උෂ්ණත්වයක ජලය රැගෙන ඒමේ පෝලිමක රැඳී සිට ඇති බව කියයි.
අධික උණුසුම දරාගත නොහැකි වීම හා විජලනය ඇගේ මරණයට හේතුව බව මරණ පරීක්ෂණයේදී සනාථ වී තිබුණි.
මෝසම් වර්ෂාව මත රැඳෙන ඉන්දියාව පසුගිය වසර දෙකක කාලය තුළ නිසි පරිදි මෝසම් වැසි නොලැබීමෙන් මෙම දැඩි නියං කාලගුණයට මුහුණ දෙමින් සිටියි.