ඉන්දියාවේ, උත්තර් ප්‍රදේශයේ සිදුව ඇති දරුණු දුම්රිය අනතුර හේතුවෙන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 60 දෙනෙකු තුවාල ලබා තිබේ.
දිල්ලි අගනුවරට කිලෝමීටර් 130ක් පමණ උතුරින් සිදුව ඇති මෙම අනතුර හේතුවෙන් දුම්රිය මැදිරි 8ක් පමණ රේල් පාරෙන් ඉවතට පැන ඇති බව පොලීසිය පවසයි.
සෙනසුරාදා රාත්‍රියේ සිදුවූ මෙම දුම්රිය අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
දුම්රිය අනතුර හේතුවෙන් මැදිරි තුළ සිරවූ පුද්ගලයන් මුදාගැනීමේ මෙහෙයුම් රාත්‍රිය පුරා පැවති බව අනාවරණය වෙයි.
නැගෙනහිර ඔඩිස්සා ප්‍රාන්තයේ සිට හින්දූන්ගේ ශුද්ධ වූ නගරයක් වන හිමාලය ආසන්න හරීද්වාර් දක්වා ගමන් කරමින් තිබූ දුම්රිය මෙසේ අනතුරට පත්විය.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අනතුරින් ජීවිතක්ෂයට පත් හා තුවාල ලැබූවන්ගේ පවුල්වල අයට සිය බලවත් ශෝකය පළ කළේය.
ඉන්දියාව තුළ දුම්රිය අනතුරු දුලභ කාරණයක් නොවන අතර, එරට දුම්රිය පද්ධතිය හරහා මිලියන 22කට අධික මගී පිරිසක් දිනකට සංචාරය කරයි. නමුත්, බොහෝ දුම්රිය හා ආම්පන්න භාවිතයෙන් ඉවත්කළ යුතු මට්ටමේ ඒවා බව කියැවෙයි.