ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි ප්‍රාන්තයක ගැහැණු දරුවන් දෙදෙනෙකු සමූහ දූෂණයට ලක්කර, එල්ලා මරා දමා සිටියදී සොයාගනු ලැබුවේ පසුගිය මැයි 29 වැනිදාය. මේ මහා අපරාධයේ උණුසුම මැකී යාමටත් පෙර එම ප්රාන්තයෙන්ම ගෙල වැළලා මරා දමා ඇති කාන්තා මල සිරුරක් සොයාගෙන ඇති බව ඉන්දීය පොලීසිය පවසයි.
කෙසේ වෙතත් මෙම කාන්තාව ජීවිතක්ෂයට පත් වීමට පෙර සමූහ දූෂණයකට ලක්ව ඇතිද යන්න පිළිබඳව මරණ පරීක්ෂණය සිදුකෙරෙමින් පවතින බව ඊයේ (11දා) රාත්‍රී වාර්තා විය. මන්දයත්, ඇයගේ ඥාතීන් පෙන්වාදෙන පරිදි මෙම කාන්තාව මිය යාමට පෙර සමූහ දූෂණයකට ලක්ව තිබේ.
2012 වසරේදී දිල්ලියේදී බස් රථයක් තුළ වෛද්‍ය ශිෂ්‍යාවක සමූහ දූෂණයට ලක්ව මරා දැමීමේ සිදුවීමත් සමග ඉන්දියාව තුළ කාන්තා හිංසනයට එරෙහිව දැඩි මතයක් ඇති වුවද, තවමත් නොනවතින උදම් රළක් මෙන් එකී සිද්ධි ඉන්දියාව පුරා වාර්තා වෙයි.
මේ අතර, ඉන්දීය නව රජයේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අවධාරණය කරමින් කියා සිටියේ කාන්තාව රැක ගැනීම සැමගේ මූලික කාර්යභාරය විය යුතු බවයි.