ඉන්දියාවේ පසුගියදා පැවති ප්‍රාන්ත මැතිවරණයෙන් උත්තර් ප්‍රදේශ් මහ ඇමතිවරයා ලෙස හින්දු යෝගියෙකු තෝරාගැනීමට පාලක භාරතීය ජනතා පක්ෂය කටයුතු කර තිබේ.
එරට විශාලතම ප්‍රාන්තය ලෙස සැලකෙන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස මෙසේ තෝරාගෙන ඇත්තේ යෝගී අධිත්යානාත් ය.
ජාතිකවාදී හැඟීමකින් කටයුතු කරන යෝගී අධිත්යානාත් සත්ව අයිතීන් වෙනුවෙන් කටයුතු කරන ක්‍රියාධරයෙකු ලෙසද සැලකෙයි. එමෙන්ම, මෙම නව මහ ඇමතිවරයා මුස්ලිම් විරෝධියෙකු ලෙසද හුවා දක්වා තිබේ.
මෙම ප්‍රාන්ත මැතිවරණය වත්මන් පාලක පක්ෂයේ හා අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජනප්‍රියත්වය උරගා බැලූ අවස්ථාක් වූ අතර, එකී ප්‍රාන්තවල ජනතාවද මේ ජාතිකවාදී හැඟීමෙන් කටයුතු කර ඇති බව මෙම ප්‍රතිඵලයෙන් ප්රත්යක්ෂ වන බව දේශපාලන විචාරකයෝ පවසති.