ඉන්දීය හා බංග්ලාදේශ දේශසීමා ප්‍රදේශ 150ක පමණ භූමි භාගයන් දෙරට අතර හුවමාරු කරගනිමින් දෙරටේ දේශසීමා ලිහිල් කිරීමේ ඓතිහාසික ගිවිසුමකට එළැඹ තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ බංග්ලාදේශ සංචාරය සමග එරට අගමැතිනී ෂෙයික් හසීනා සමග මෙම ඓතිහාසික ගිවිසුමට එළැඹෙනු ඇති බව වාර්තා වෙයි.
මේ වනවිට දහස් ගණනක් වූ බංග්ලාදේශ ජාතිකයෙන් ඉන්දියාවේ දේශසීමා ආසන්න ප්‍රදේශ 50ක පමණ ජීවත් වන අතර, ඒ ආකාරයෙන්ම ඉන්දියානුවන් දහස් ගණනක් බංග්ලාදේශයේ දේශසීමා ආසන්න ප්‍රදේශ 100ක පමණ ජීවත් වෙති.
එහිදී, දෙරට අතර මෙම භූමි ප්‍රදේශ හුවමාරු වීම හරහා තමන් ජීවත් වන්නේ කුමන ප්‍රදේශයේද යන්න එහි ජීවත් වන ජනතාවට තෝරාගැනීමට අවස්ථාව සැලසෙන බව ඉන්දීය මාධ්‍ය පවසයි.