ඉන්දියාව හා ජපානය එකම තීරයක් එක මාවතක් නොඑයි
'එකම තීරයක් එකම මාවතක්' ව්‍යාපෘතිය චීනයේ භූ දේශපාලන බලපෑම ව්‍යාප්ත කර ගැනීමේ ප්රයත්නයක් ලෙස සැකකරමින් අද (14දා) චීනයේදී ඇරඹි සමුළුවට ජපානය සහ ඉන්දියාව සහභාගී නොවූ බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, මෙම දෙදින සමුළුවේ සමාරම්භක දේශනය පවත්වමින් චීන ජනපති ෂි ජින්පිං කියා සිටියේ, 'එකම තීරයක් එකම මාවතක්' ව්‍යාපෘතිය යටතේ එය පැතිරෙන කලාපයේ වරාය, මහාමාර්ග සහ දුම්රිය මාර්ග ඉදිකිරීමට ඇ.ඩො.බිලියන 124ක් යොදවන බවයි.
මෙම සුවිශේෂී සමුළුවේ සමාරම්භය බෙයිජිං නුවර ජාතික ප්‍රාසාංගික කලා මධ්‍යස්ථානයේදී පැවති අතර චීනය හැරුණු විට තවත් ආර්ථක බලවතෙකු වන රුසියාව නියෝජනය කරමින් ජනපති ව්ලැදිමීර් පූටින් මෙම සමුළුවට සහභාගී වී සිටියේය. ඔහුට අමතරව, 20කට අධික රාජ්‍ය නායකයන් පිරිසක් සමුළුවට සහභාගි වී සිටි බව විදෙස් වාර්තා පවසයි.
මෙහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ චීන ජනාධිපතිවරයා, "වෙළෙඳාම ආර්ථික සංවර්ධනයේ වැදගත්ම යන්ත්‍රය බව සඳහන් කළ යුතුයි. එහිදී, 'එකම තීරයක් එකම මාවතක්' ව්‍යාපෘතිය ආසියා -අප්‍රිකා සහ යුරෝපා මහාද්වීප ඔස්සේ පැතිර යමින් ඉන් ඔබ්බටත් ව්‍යාප්ත කිරීම අපේ අභිලාෂය වෙනවා. මෙම ව්‍යාපෘතියේ එක් අංශයක් ලෙස සංවර්ධනය වෙමින් පවතින රටවලට සහ ජාත්‍යන්තර ආයතනවලට ආධාර වශයෙන් විශාල මුදල් සම්භාරයක් යෙදවීමට කටයුතු කෙරෙනවා.
නව සේද මාවතක් ලෙසින්ද හඳුන්වනු ලබන 'එකම තීරයක් එකම මාවතක්' ව්‍යාපෘතිය ලෝක මට්ටමින් චීන බලපෑම නංවාලීමේ ප්රයත්නයක් නොවන බවද සඳහන් කළ යුතුයි. 'එකම තීරයක් එකම මාවතක්' ව්‍යාපෘතිය පෙරට ගමන් කිරීමේදී සතුරු බලවේග අතර පැවති පැරණි තරගකාරී මාවතේ අපි ගමන් ගන්නේ නැහැ. ඒ වෙනුවට සහයෝගීතා සහයෝගීතාවයේ සහ අන්‍යෝන්‍ය වශයෙන් ප්රතිලාභ දායාද වෙන ආකෘතියක් අපි නිර්මාණය කරනවා. අපි සහයෝගීතාවය මත පදනම් වූ නව වේදිකාවක් නිර්මාණය කරනවා. විවෘත ලෝක ආර්ථිකයක් සහතික කරනවා" යැයි පවසා සිටියේය.
මෙම සමුළුව නියෝජනය කරමින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වි සිටියි.
.jpg)

.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

