ඉන්දියාව ඇමෙරිකානු ප්‍රෙඩෙටර් ඩ්‍රෝන යානා 40ක් මිලදී ගැනීමට සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එය මෙවැනි ආකාරයේ හමුදා නීරීක්ෂණ ඩ්‍රෝන යානා මිලදී ගැනීමට ඉන්දියාව කටයුතු කරන ප්‍රථම අවස්ථාව ලෙසද සැලකෙයි.
විශේෂයෙන්ම චීනය හා පාකිස්තානය අතර දේශසීමා ආරක්ෂාවේදී වැඩිදුර බුද්ධි තොරතුරු රැස් කිරීම සඳහා මිනිසුන් රහිත මෙම ඩ්‍රෝන යානා යොදාගැනීමට ඉන්දියාව සූදානමින් සිටියි.
එමෙන්ම, මෙය ඉන්දියානු සාගර කලාපයේ බුද්ධි තොරතුරු සෙවීමටද ඉන්දියාව යොදාගනු ඇති බව එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසයි.
ප්‍රෙඩෙටර් ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් ඉන්දියානු නාවික හමුදාවේ කැමැත්ත පිළිබඳව තමන්ට දැනගැනීමට ලැබී ඇති බවත්, එය රජයන් අතර සිදුවන සාකච්ඡාවක් බවත් සැන්ඩියේගෝ කේන්ද්‍ර කරගත් මෙම යානා නිෂ්පාදන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා පවසා තිබේ.