ඉතාලියේ ෆ්ලොරෙන්ස් නගරය ආසන්නයෙන් ගමන කරන ආර්නෝ ගංගාවේ ඉවුරු කඩා වැටීමක් නිසා ප්‍රධාන මාර්ගයෙන් කොටසක්ද, මෝටර් රථ 20ක් සමග ගංගාවට වැටී තිබේ.
ආර්නෝ ගංගාව හරහා වැටී ඇති මධ්‍යතන යුගයට අයත් ප්‍රකට පොන්ටේ වෙච්චිඕ පාලමට ඉතා ආසන්නයෙන් මෙම ඉවුරු කොටස කඩා වැටී ඇති බවද කියැවෙයි.
මෙසේ කඩා වැටී ඇති කොටස හේතුවෙන් මීටර් 200ක පමණ දිගින් යුතු මීටර් 7ක් පමණ පළල කුහරයක් ඇති වී තිබේ.
මෙම ගංඉවුරට යටින් ගමන් කරන විශාල ජල නලයක් බිඳී යාම මෙම අනතුරට හේතුව බව ගිනි නිවන හමුදාව විශ්වාස කරයි.