ඉතාලි මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ස්ථාවර රජයක් පිහිටුවීමට කිසිවෙකුට අවස්ථාවක් නොමැති අතර, පාලක පක්ෂය දැඩි පසුබෑමක් පෙන්වා තිබේ.
ඒ අනුව, බොහෝවිට එල්ලෙන ආණ්ඩුවක් බලාපොරොත්තු විය හැකි බව පෙන්වා දෙන මැතිවරණ විශ්ලේෂකයන්, දක්ෂිණිංශික ලීගය සහ මධ්‍ය දක්ෂිණාංශික හිටපු අගමැති සිල්වියෝ බෙර්ලූස්කෝනිගේ ඒකාබද්ධ සන්ධානයට එරට පහළ මන්ත්‍රී මණ්ඩලයේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට සමත්ව සිටින බව කියයි.
එහිදී. දක්ෂිණාංශික ලීගයේ නායක මෙට්ටිඕ සැල්විනී මෙවර මැතිවරණයෙන් ප්‍රබල ජයග්‍රහණයක් තහවුරු කරගෙන ඇති අතර, ෆයිව් ස්ටාර් පක්ෂයද ඉහළ ජනප්‍රසාදයක් ලබා තිබේ.
ඒ අනුව, එරට තුළ නව රජයක් පිහිටුවීම සඳහා සති කිහිපයක් යනතුරු ඒකාබද්ධ සාකච්ඡා පැවැත්වෙනු ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මෙවර මැතිවරණයෙන් පාලක මධ්‍ය වාමාංශික පක්ෂ, විශේෂයෙන් මෙට්ටිඕ රෙන්සිගේ ඩිමොක්රටික් පක්ෂය දැඩි පසුබෑමක් පෙන්නුම් කර තිබේ.