ඉතාලියේ, ඉස්කියා දූපතේ ඇති වූ භූ කම්පනයෙන් පසුව කඩා වැටුණු සුන්බුන් අතර සිරවී සිටි කුඩා සහෝදරයන් තිදෙනොම බේරාගැනීමට හැකි වූ බව සහන සේවකයෝ පවසති.
එරට සංචාරක දූපතක් ලෙස සැලකෙන ඉස්කියා දූපතේ සිදුවූ රික්ටර් පරිමාණ 4.00 ක භූ කම්පනයෙන් පසුව පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 39 දෙනෙකු තුවාල ලැබූ බව බලධාරීන් තහවුරු කර තිබුණි.
එහිදී, කඩා වැටුණු සුන්බුන් අතර සිරවී සිටි කුඩා බිළිඳෙකු ඇතුළු ඔහුගේ සහෝදරයන් දෙදෙනා පැය 16ක පමණ මෙහෙයුමකින් පසුව නිරුපද්‍රිතව බේරාගෙන තිබේ.
බිළිඳු දරුවා මුලින්ම බේරාගත් සහන සේවකයන් පසුව 8 හැවිරිදි පිරිමි දරුවා මුදාගැනීමට සමත් විය. 11 හැවිරිදි දරුවා බේරාගැනීමට සහන සේවකයන්ට හා ගිනි නිවන භටයන්ට වැඩි කාලයක් ගත විය.
ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වා දෙන පරිදි මෙම භූ කම්පනයේ අපිකේන්ද්‍රය කිලෝමීටර් 5ක් පොළොව අභ්‍යන්තරයෙන් වාර්තා වී තිබේ.
භූ කම්පනයෙන් කාඩා වැටුණු ගොඩනැගිලි අතර නිවාස, හෝටල්, රෝහල් මෙන්ම දේවස්ථානද වන බව බලධාරීහු පවසති.
මේ නිසා 2,600ක පමණ පිරිසකට තම නිවාස අහිමි වී ඇති බව බලධාරීහු පවසති. මෙම දූපතේ 50,000ක පමණ ජනතාවක් ජීවත්ව තිබේ.