ඉතාලියේ, ඉස්කියා දූපත ආශ්රිතව ඇති වූ භූ කම්පනයක් හේතුවෙන් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 39 දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙම භූ කම්පනය රික්ටර් පරිමාණ 4.0ක භූ කම්පනයක් ලෙස සටහන් වුවත්, ඉන් දේවස්ථාන හා රෝහල් ඇතුළු ජනතාව ගැවසෙන ස්ථාන කිහිපයකට දැඩි හානි සිදුව තිබේ.
මේ අතර, භූ කම්පනයෙන් පසුව සුන්බුන්වලට යටවූ කුඩා බිළිඳෙකු බේරාගැනීමට සහන සේවකයන් සමත්ව ඇති අතර, ඔහුගේ සෙසු සහෝදරයන් බේරාගැනීමේ මෙහෙයුම් සිදුවන බවද සඳහන් වෙයි.
නේපල්ස් වෙරළට ආසන්නව පිහිටි ඉස්කියා දූපතේ 50,000ක පමණ ජනගහනයක් ජීවත් වන අතර, එය සංචාරකයන්ගෙන් පිරී පවතින දූපතක් ලෙසද සැලකෙයි.
භූ කම්පනය සිදුවන අවස්ථාවේදී බොහෝ දෙනා අවන්හල් තුළ ආහාර ගනිමින් සිට ඇති අතර, විදුලි බලය ඇණහිටීමත් සමග ගොඩනැගිලි කඩා වැටී තිබේ.