ඉතාලියේ, සිසිලි හි එට්නා ගිනි කන්ද නැරඹීමට හා නිරීක්ෂණය සඳහා ගිය සංචාරකයන් පිරිසක් සහ මාධ්‍යවේදීන් පිරිසක් පිළිස්සුම් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙයින් බොහෝදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඇතමෙකුට කැපුම් පහරවල්ද, ඇතැම් අයට පිළිස්සුම් තුවාලද, තවත් අයට සීරීම් තුවාලද පවතින බව මෙම අනතුරට මුහුණදුන් බී.බී.සී. මාධ්‍යවේදීහු පවසති.
ගිනි කන්දේ ලාවා දහරාව එහි යමහල් අළු හා දුමාරය සමග එක්වෙමින් ඇතිවූ පිපිරීමක් සමග ඈතට වීසිවුණු කැබලි හා යමහල් අළු මෙම හානිය සිදුකර ඇති බව පැවසෙයි.
මෙයින් පුද්ගලයන් 8 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර, වහාම පැමිණි මුදාගැනීමේ කණ්ඩායම් විසින් ඇතැම් පිරිස් ඉන් ඉවත්කිරීමට කටයුතු කළ බවද සඳහන් වෙයි.
සම්පූර්ණයෙන්ම භූමිය කම්පනයට ලක්වූ එම අවස්ථාව දැඩි බියක් ගෙනදුන් අවස්ථාවක් බවත්, බී.බී.සී. කණ්ඩායමටද සුළු තුවාල හැරුණු විට දරුණු තත්ත්වයක් නොමැති බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.
http://www.bbc.com/news/world-europe-39293086