ඉක්වදෝරයේ අගනගරය වූ කුයිටෝ ආසන්න ටුන්ගුරාහුවා ගිනිකන්ද කිලෝමීටර් 10ක් දුරට යමහල් අළු විසුරුවමින් පුපුරා ගිය බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
කෙසේ වෙතත් ගිනිකන්දේ මෙම ක්ෂණික පිපිරීම විනාඩි කිහිපයකට පමණක් සීමා වූ බවද වාර්තා වෙයි.
මෙම ගිනිකන්ද මෙසේ පුපුරා යෑම සිදුවූයේ 1999 වසරින් පසුවය. නමුත්, එය පසුගිය මාස දෙකක කාලය තුළ සක්රීය මට්ටමේ පැවති බව ඉක්වදෝර ආරංචි මාර්ග පෙන්වා දෙයි.
ටුන්ගුරාහුවා ගිනිකන්ද ඉක්වදෝරයේ සක්රීය ගිනිකඳු අට අතරින් ප්රබල ගිනිකන්ඳක් වන අතර, එය පැසිෆික් ගිනි වළල්ලේ පිහිටි ගිනි කන්දකි.
ටුන්ගුරාහුවා යන්නෙහි තේරුම ගින්නේ මුඛය යන්නයි.