ඉක්වදෝරයට බලපෑ රික්ටර් පරිමාණ 7.8 ක භූ කම්පනයෙන් එරට යළි ගොඩගැනීම සඳහා බදු වැඩි කිරීම්, වත්කම් විකිණීම් හා ජාත්‍යන්තර වෙළෙඳ පොළ වෙත බැඳුම්කර නිකුත් කිරීම් ආදී ක්‍රමවේදයන් වෙත යොමුවන බව ජනාධිපති රෆායෙල් කොරෙයා පවසයි.
මෙම දැවැන්ත භූ කම්පනය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව මේ වනවිට 600 ට ආසන්න වී ඇති අතර, මුදාගැනීමේ මෙහෙයුම් මේ වනවිට අවසන් වී තිබේ.
මෙම භූ කම්පනය නිසා සිදුවූ හානිය ඇ.ඩො.බිලියන 2 - 3 ත් අතර වනු ඇති අතර, ඉන් ඉක්වදෝර ආර්ථික වර්ධනය 2 ත් 3ත් අතර ප්‍රමාණයකින් පහළ බසිනු ඇති බවද විශ්වාස කෙරෙයි.
වර්තමානයේ පවතින ඉන්ධන මිලේ පහළ යෑමෙන් බැටකමින් සිටින ඉක්වදෝරයට, නොසිතූ මොහොතක මුහුණදුන් භූ කම්පනය ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇණීමක් බඳු විය.