ඉක්වදෝරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පිරිස මේ වනවිට 350 ඉක්මවා ඇති බව විදෙස් එරට රජය පවසයි.
අතුරුදන් වූවන් සොයා ඥාතීන් හා හිතවතුන් යුහුසුළු වන ආකාරය අතිශය හද කම්පාවන දසුනක් බවට පත්ව ඇති බව එරට මාධ්‍ය පෙන්වා දෙයි.
භූ කම්පනයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා මේ වනවිට ස්විට්සර්ලන්තය, ස්පාඤ්ඤය හා තවත් ලතින් ඇමෙරිකානු රටවල් කිහිපයකින් සහන කණ්ඩායම් පැමිණ ඇති බවද වාර්තා වෙයි.
දශක කිහිපයකට පසුව ඉක්වදෝරයට බලපෑ මෙම ප්‍රබල භූ කම්පනයෙන් තුවාල ලැබූ පිරිස 2,000කට ආසන්න වෙයි.