දශක කිහිපයකට පසුව ඉක්වදෝරයට බලපෑ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් මේ වනවිට මියගොස් ඇති පිරිස 262ක් බව විදෙස් වාර්තා පවසයි.
පසුගිය සෙනසුරාදා ඉක්වදෝරයට වයඹදිගින් පැසිෆික් සාගර කලාපයේ ඇති වූ භූ කම්පනය රික්ටර් පරිමාණ 7.8 ක් ලෙස සටහන් වී තිබුණු අතර, මෙය කලාපයේ රාජ්‍යයන්වල මිලියන 16කට අධික ජනතාවට දැනී තිබුණි.
ඉතාලියේ සංචාරයක නිරතව සිටි ඉක්වදෝර ජනාධිපති රෆායෙල් කොරෙයා මෙම අවාසනාව සිද්ධිය සැලවීමත් සමග යළි සියරට බලා පැමිණ තිබේ.
මූලික වෑයම සුන්බුන් අතර සිටින පිරිස් බේරාගැනීම බව ජනාධිපතිවරයා එහිදී පවසා සිටියේය.
විනාශ වී ගිය සියලු දේ යළි ඉදිකළ හැකි වුවත්, අහිමි වූ ජීවිත සදාකාලිකවම වේදනාවක් ඇති කරනු ඇති බවද ජනාධිපතිවරයා පවසා සිටියේය.
රජයේ දත්ත අනුව මියගිය පිරිස 262ක් වන අතර, තුවාල ලැබූවන් 2,500 කට ආසන්නය.
භූ කම්පනයේ අපිකේන්ද්‍රයට ආසන්න වෙරළබඩ කලාපය භූ කම්පනයෙන් දැඩිව අලාභානි සිදුව ඇති කලාපය ලෙස සැලකෙයි.
සංචාරක පුරවරයක් ලෙස සැලකෙන පෙඩර්නේල්ස් ප්‍රදේශයේ තැති ගන්වන සුළු සෙලවීමක් සමග ගොඩනැගිලි රැසක් කඩා වැටීමෙන් මිනිසුන් සුන්බුන් අතර සිරවී සිටින බව කියැවෙයි.
මෙම භූ කම්පනයෙන් පසුව තවත් පසු කම්පන 160ක් පමණ වාර්තා වූ බවත්, දින 6ක හදිසි තත්ත්වයක් පළාත් 6ක් ආශ්‍රිතව ප්‍රකාශයට පත් කර ඇති බවත් ඉක්වදෝර බලධාරීහු පවසති.