උතුරුදිග ඇෆ්ගනිස්ථානයේදී ජිහාඩ් අන්තවාදීන් එන්න කළ ප්‍රහාරයකින් ජීවිත හානි 50ක් ඉක්මවා සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
සාර් ඒ පෝල් පළාතේ, මිර්සාවාලන්ග් ප්‍රදේශයේ පැවති පොලිස් මුරපොළක් ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, ප්‍රහාරයෙන් මියගිය වැඩි පිරිස සාමාන්‍ය සිවිල් වැසියන් බව සඳහන් වේ.
අනතුරුව එම ආරක්ෂක මුරපොලින් එපිට වූ ගම්මානයට ඇතුළු ත්රස්තයන් සාමාන්‍ය වැසියන් වෙත ඉවක් බවක් නොමැතිව වෙඩි තබා ඇත. බහුතර ෂියා මුස්ලිම්වරුන් පිරිසක් ජීවත් වන මෙම් ගම්මානයේ කාන්තාවන් මෙන්ම, කුඩා දරුවන්ද මෙම ම්ලෙච්ඡ ජිහාඩ් අන්තවාදීන්ගේ ප්‍රහාරයට නතුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
පළාත් ආණ්ඩුකාර ප්‍රකාශකයෙකු කියා සිටියේ ජිහාඩ් අන්තවාදීන් අමානුෂික හා ම්ලේච්ඡ ආකාරයෙන් මෙම ප්‍රහාරය දියත් කර ඇති බවයි.
මෙම ප්‍රහාරයෙන් ඇෆ්ගනිස්තාන ආරක්ෂක අංශවල 7 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ප්‍රහාරය සඳහා තලේබාන් සහ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් පැමිණ ඇති බව විශ්වාස කරන අතර, මේ වනවිට ඔවුන් ඒකාබද්ධව ප්‍රහාර එල්ල කිරීමේ වාතාවරණයක් පවතින බවද සඳහන් වෙයි. මෙම ම්ලේච්ඡ ත්‍රස්ත සංවිධාන දෙකම සුන්නි මුස්ලිම්වරුන්ගෙන් සැදුම්ලත් ඒවාය.