ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර පිහිටි ඇමෙරිකානු විශ්වවිද්‍යාලයේ විදේශීය මහාචාර්යවරු දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඇති බව එරට පොලීසිය කියයි.
	විදෙස් වාර්තාවන්ට එනුව මෙසේ පැහැරගෙන ගොස් ඇති මහාචාර්යවරු දෙදෙනා ඇමෙරිකානු හා ඔස්ට්‍රේලියානු ජාතිකයන් ලෙස හඳුනාගෙන තිබේ.
	විශ්වවිද්‍යාලයෙන් පිටතදී ඔවුන් වෙත ගිනි අවි පෙන්වා මෙම ඉරිදා දිනයේදී මෙම පැහැරගැනීම සිදුකර ඇති බව කියයි.
	කාබුල් පොලිස් ප්‍රධානී අබ්දෙල් රහ්මන් රහීමී ද මෙම පැහැරගැනීම සිදුව ඇති බව තහවුරු කළ බව විදෙස් වාර්තා පවසයි.
	බටහිර ඇෆ්ගනිස්තානයේදී විදෙස් සංචාරයකයන් පිරිසකට ප්‍රහාරයක් එල්ල කිරීමේ වගකීම තලේබාන් සංවිධානය භාරගැනීමෙන් දිනකට පසුව මෙම සිදුවීම වාර්තා විය.
	.jpg)