ඇෆ්ගනිස්තාන සිවිල් යුද්ධය හේතුවෙන් විනාශයට පත් කාබුල් අගනුවර පිහිටි ඓතිහාසික ඩරූල් අමාන් මාලිගය යළි ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹී තිබේ.
ඇෆ්ගනිස්තානය වෙත පූර්ණ නිදහස නිදාගැනීම වෙනුවෙන් ඉංග්‍රීසින් පරාජයට පත් කළ අමනුල්ලාහ් රජු විසින් සම්පූර්ණයෙන්ම කාබුල් නගරය පෙනෙන ආකාරයෙන් ඉදිකළ මේ සුවිශේෂී නිර්මාණය 1920 දක්වා දිවෙන ඉතිහාසයකට උරුමකම් කියයි.
ගිනි ගැනීම නිසා දෙවරක් සම්පූර්ණයෙන්ම විනාශ වූ මෙම ගොඩනැගිල්ල යළි ප්‍රතිසංස්කරණය කරමින් 1970 දශකයේදී මෙන්ම, 1980 දශකයේදීද එරට ආරක්ෂක අමාත්‍යාංශය පැවති ගොඩනැගිල්ල බවට පත්විය.
කෙසේ වෙතත්, ඇෆිගනිස්තානයේ සිවිල් යුද්ධය ආරම්භ වීමත් සමග සටන්කාමීන් විසින් ඔවුන්ගේ බල කඳවුරක් බවට මෙම පෞරාණික ගොඩනැගිල්ල පත්කර ගත් අතර, මෝටර් ප්රහාරයන් නිසා ඊට බරපතල හානි සිදුවිය.
මෙහි ප්‍රතිසංස්කරණ ඇරඹෙන අවස්ථාවට සහභාගී වෙමින් ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ඝානි පවසා සිටියේ මේ ඓතිහාසික ස්මාරකය වර්තමානයේදී රටේ අඳුරු යුගය කියාපාන කැඩපතක් බඳු බවයි.