ඇෆ්ගනිස්තානයේ හෙරාට් නගරයේ දැඩි ආරක්ෂිත කලාපයක පිහිටි ඉන්දීය කොන්සල් කාර්යාලය වෙත ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් ප්‍රහාරයක් දියත් කිරීම පිළිබඳ විමතිය පළ කරන බව ඉන්දියාව පවසයි.
ආසන්නයේ වූ නිවාසවල සිට ප්රහාරයකයන් පැමිණ ඇති බවත්, ඔවුන් මැෂින් තුවක්කු හා ග්‍රෙනේඩ් විදිනයන් අතැතිව කොන්සල් කාර්යාලයට ඇතුළු වී ඇති බවත් කියැවෙයි.
ආරක්ෂක අංශ විශ්වාස කරන පරිදි අවම වශයෙන් තිදෙනෙකුවත් මෙම ප්‍රහාරයට සම්බන්ධ වී ඇති අතර, පැය අටකට අධික කාලයක් ආරක්ෂක අංශ සමග සිදුකළ වෙඩි හුවමාරුවේදී තුවක්කුකරුවන් මරා දැමීමට හැකිවී ඇති බව ඇෆ්ගන් බලධාරීහු පවසති.
ඇෆ්ගනිස්තානයේ සිටින විදේශීය හමුදා ඉන් ඉවත්ව ගිය පසු මේ ආකාරයේ ප්‍රහාර වැඩි වශයෙන් එරට තුළ දැකගත හැකි බව බී.බී.සී.ය පවසයි.
මුලින් සඳහන් කළ පරිද්දෙන්ම මෙම ප්‍රහාරය පිළිබඳ ඉන්දියාව ප්රමුඛ සෙසු රටවල් විමතිය පළ කරන්නේ කොන්සන් කාර්යාලය දැඩි ආරක්ෂිත කලාපයක පිහිටා තිබීම නිසාය.
අනෙක් කරුණ නම්, නව ඉන්දීය අගමැතිවරයා දිවුරුම්දීමට දින දෙකක් තිබියදී, එම උත්සවය වෙනුවෙන් ඇෆ්ගන් ජනාධිපතිවරයාටත් ඇරයුම් කර ඇති වටපිටාවක මෙම ප්‍රහාරය දියත් වීමයි.