ඇෆ්ගනිස්තානයෙන් ඇමෙරිකානු හමුදා ඉවත් කරගැනීමක් සිදුවුවහොත් ඒ ඇතිවන රික්තය ත්රස්තයන්ගෙන් පිරීයනු ඇති බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් පවසයි.
ජනාධිපතිවරයා කියා සිටියේ ඇමෙරිකානු හමුදා සම්පූර්ණයෙන්ම අෆ්ගනිස්තානයෙන් ඉවත්කර ගැනීමේ අදහසක් තමන්ට පැවතියත්, ඉරාකය තුළ සිදුවූ අත්වැරැද්ද යළි ඇති නොකරමින් ඇෆ්ගනිස්තාන යුද්ධය ජයග්රහණයකින් අවසන් කිරීම දක්වා සටන් වැදීමට තීරණය කළ බවයි.
කෙසේ වෙතත්, මෙම යුද්ධය අවසන් කිරීම සඳහා නිශ්චිත කාල රාමුවක් ප්රකාශයට පත් නොකරන බවද කියා සිටි ජනාධිපතිවරයා මෙය කාලයත් සමග සිදුකරන යුද්ධයක් නොවන බවද අවධාරණය කර තිබේ.
නමුත්, මෙය ඇෆ්ගනිස්තානය වෙත ලබාදෙන හිස් චෙක්පතක් නොවන බවද ඩොනල්ඩ් ට්රම්ප් අවධාරණය කර ඇත.
"වගකීමෙන් හා වර්ධනයෙන් යුතු අවසානයක් දක්වා ඇමෙරිකානු රජය ඇෆ්ගන් රජය සමග කටයුතු කිරීමට සූදානම්" ට්රම්ප් පවසා සිටියේය.
කෙසේ වෙතත්, ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම අදහසට ප්රතිචාර දක්වමින් තලේබාන් ඉස්ලාමීය ජිහාඩ් ත්රස්ත සංවිධානය තර්ජනය කර ඇත්තේ, ඇමෙරිකානු හමුදා ඉවත් කරගැනීමට කටයුතු නොකළොත්, ඇෆ්ගනිස්තානය තවත් අමු සොහොනක් වනු ඇති බවය.