ඇෆ්ගනිස්තානයේ, හෙරාත් නගරයේ ෂියා මුස්ලිම් දේවස්ථානයක් ඉලක්ක කරමින් පසුගියදා සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයේ වගකීම ඉස්ලාම් රාජ්‍යයේ අයි.එස්. ත්‍රස්ත සංවිධානය විසින් භාරගෙන තිබේ.
මෙම ප්‍රහාරය සඳහා ත්රස්තයන් දෙදෙනෙකු පැමිණ ඇති බව ඉස්ලාම් රාජ්‍ය හා සම්බන්ධ තොරතුරු වාර්තා කරන අමාඛ් පුවත් පවසයි.
මේ අතර, එම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් සිදුව ඇති ජීවිත හානි ප්‍රමාණය මේ වනවිට 33ක් දක්වා ඉහළ ගොස් ඇති බවද ඇෆ්ගන් බලධාරීහු පවසති.
ජවාඩියා මුස්ලිම් දේවස්ථානයේ රාත්‍රී දේවමෙහෙයක් පැවැත්වෙන අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, ප්‍රහාරකයන් දෙදෙනාම මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු වන අතර, ඔවුන් ගිනි අවිද පැමිණ මෙම ප්‍රහාරය දියත් කර තිබුණි.