ඇෆ්ගන් රජයේ රූපවාහිනියට IS ප්‍රහාරයක් - ජීවිතහානි 6ක්
ඇෆ්ගනිස්ථානයේ ජලාලාබාද් නුවර ඇෆ්ගන් රාජ්‍ය රූපවාහිනී ගොඩනැගිල්ලට ඉස්ලාම් රාජ්‍ය IS ත්රස්තයන් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 6 දෙනෙකු සහ ප්‍රහාරයට පැමිණි ත්රස්තයන් සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම මියගිය පිරිස අතර රූපවාහිනියේ සේවය කළ සිව් දෙනෙකු හා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙයි.
මෙම රූපවාහිනී ගොඩනැගිල්ල ඉදිරිපිට සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරවීම් දෙකකින් පසුව ප්‍රහාරය ඇරඹී ඇති අතර, පසුව තවත් ත්රස්තයන් දෙදෙනෙකු ගොඩනැගිල්ල වෙත කඩා වැදී තිබුණි.
එහිදී, ඇෆ්ගන් ආරක්ෂක අංශ පැය කිහිපයක් මෙම ත්රස්තයන් සමග වෙඩි හුවමාරු කරගෙන ඇති අතර, අවසානයේදී එම ත්රස්තයන්ද මරාදැමීමට ආරක්ෂක අංශ සමත් වී තිබේ.
ප්‍රහාරයෙන් පසුව ඉස්ලාම් රාජ්‍යයේ IS ත්රස්තයන් ප්‍රහාරයේ වගකීම භාරගත් අතර, මෙම නගරය පාකිස්තාන දේශසීමා ආසන්නයේ ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ ශක්තිය වැඩි ප්‍රදේශයක් ලෙසද සැලකෙයි.
මෙම ප්‍රදේශයේ තලේබාන් සටන්කාමීන්ගේ බලයද පැවතියත්, ඔවුන් මෙම ප්‍රහාරය පසුපස නොසිටින බව ඔවුන් නිවේදනය කර තිබුණි.
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

