ඇෆ්ගන් භූ කම්පනය අවට රටවලත් දැනෙයි
උතුරුදිග ඇෆ්ගනිස්තානයට බලපෑ රික්ටර් පරිමාණ 6.3ක ප්‍රබල භූ කම්පනය ඉන්දියාවටද දැනී ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව උතුරුදිග ඇෆ්ගනිස්තානයේ, බඩාක්ෂාන් ප්‍රදේශයේ මෙම භූ කම්පනයේ අපිකේන්ද්‍රය පිහිටා තිබී ඇති අතර, එය පාකිස්තාන හා ටජිකිස්තාන දේශසීමා ආසන්න ප්‍රදේශයක් ලෙසද සැලකෙයි.
මෙම භූ කම්පනයෙන් ඇෆ්ගනිස්තානයේ සිදුවූ ජීවිත හානි හෝ තුවාලකරුවන් පිළිබඳ පැහැදිලි තොරතුරක් නැතත්, පාකිස්තානයේ පේෂාවර් නගරයේ ගොඩනැගිලි කඩා වැටීම හේතුවෙන් පුද්ගලයන් 17 දෙනෙකු තුවාල ලබා තිබේ.
පසුගිය ඔක්තෝබර් 26 වැනිදා මෙම ප්‍රදේශයේම ඇති වූ භූ කම්පනයකින් පුද්ගලයන් සිය ගණනක් ජීවිතක්ෂයට පත්වූහ.
මෙහි කම්පනය දැනීම හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර හා පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර වැසියන් ගොඩනැගිලිවලින් ඉවත්ව හිස් භූමි කරා දිවගොස් ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

