ඇෆ්ගන් තෙල් ලොරි සිය ගණනක් එකම චිතකයේ දැවෙයි
ලොව පුරා මුස්ලිම් අන්තවාදය තවදුරටත් ඔඩුදුවමින් ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ආසන්නයේ දී ඛනිජ තෙල් ප්රවාහනය කරමින් පැවති තෙල් ටැංකි සහිත ලොරි 400කට වැඩි ප්රමාණයක් තලේබාන් සටන්කාමීන් විසින් රොකට් ප්රහාරයකින් විනාශ කර ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් තුවාල ලැබූ හෝ මරණයට පත්වූවන් පිළිබඳ පැහැදිලි තොරතුරක් වාර්තා නොවුණත්, මෙම ලොරි ගාල්කර තිබියදී මෙසේ ප්රහාරයට ලක්ව ඇති බව කියැවෙයි. පසුගිය සිකුරාදා එල්ල වූ මෙම ප්රහාරයේදී මුළු රාත්රිය පුරාම තෙල් ලොරි ගිනි ගනිමින් තිබුණු බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
රොකට් ප්රහාර එල්ල කිරීමෙන් පසුව හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුණු පිරිසක් ලොරිවලට ගිනි තැබූ බවත්, ඉන් පලායෑමට තැත්කළ ලොරිවල ගමන්ගත් රියදුරන්ට වෙඩි තබන ආකාරය දුටු බවද ඇතැම් නිල නොවන ආරංචි මාර්ග පෙන්වා දෙයි.
	.jpg) 
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                