උතුරුදිග ඇෆ්ගනිස්තානයේ කුන්දූස් ප්රදේශයේදී බස් මගීන් පිරිසක් පැහැරගත් තලේබාන් ත්රස්තයන් ඉන් 10 දෙනෙකු ඝාතනය කර තිබේ.
එම පළාතේ පොලිස් ප්රධානියා පවසන පරිදි බස් රථ දෙකක් බලහත්කාරයෙන් නැවැත්වීමෙන් පසුව එහි සිටි පුද්ගලයන් 185කට වැඩි පිරිසක් මෙසේ ත්රස්තයන්ගේ ග්රහණයට නතුව තිබුණි.
කෙසේ වෙතත්, ඉන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් මුදා ගැනීමට ආරක්ෂක අංශ සමත් වූ බවද පොලිස් ප්රධානියා කියයි.
මෙම කුන්දූස් කලාපය තුළ තවදුරටත් තලේබාන් සටන්කාමීන් බලය පතුරුවමින් සිටින බවට මෙය සාක්ෂියක් බවද විදෙස් වාර්තා පවසයි.