ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසු ජයග්රාහකයා තේරීමේදී ඇති වී තිබෙන අර්බුදකාරී වාතාවරණය සමථයකට පත්කිරීම සඳහා ඇමෙරිකානු රාජ්ය ලේකම් ජෝන් කෙරී ඇෆ්ගිනස්ථානය වෙත පැමිණ සිටී.
ඒ අනුව, සිය දෙදින නිල සාචාරය තුළ මෙවර මැතිවරණයේ ප්රධාන අපේක්ෂකයන් දෙදෙනා වූ අෂ්රෆ් ඝානි හා අබ්දුල්ලා අබ්දුල්ලා මුණ ගැසී ඡන්දය නැවත ගණන් කිරීම සම්බන්ධයෙන් ඔවුන් සමග සාකච්ඡා කිරීමට හෙතෙම කටයුතු කරමින් සිටියි.
පසුගිය ජූලි 12 වැනිදාද කෙරී ඇෆ්ගනිස්ථානයේ සංචාරයක නිරත වූ අතර, එදා සිට මේ දක්වා නැවත ඡන්ද ගණන් කිරීමක් කර තිබුනේ 23,000ක් පමණ වන ඡන්ද පෙට්ටි ප්රමාණයෙන් 4,000කටත් අඩු ප්රමාණයකය.
පසුගිය ජූනි 14 වැනිදා පැවති දෙවැනි වටයේ ඡන්ද විමසීමෙන් පසුව අවසන් ඡන්ද ප්රතිඵලය සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇතිවී තිබෙන මතභේදය හේතුවෙන් මේ වනවිට ඇෆ්ගිනස්ථානයේ ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම දිනෙන් දිනම කල් යමින් තිබේ.
එවර, ඝානි 56.44% ක ඡන්ද ප්රතිශතයක් ලබද්දී අබ්දුල්ලා 43.45%ක ඡන්ද ප්රතිශයක් ලබා සිටියේය. කෙසේ දෙදෙනාම මැතිවරණ දූෂණ සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා කරමින් සිටියි.