ඇමෙරිකාව විසින් තලේබාන් ත්රස්තවාදීන් ඉලක්ක කර ආරම්භ කළ යුදමය ක්‍රියාදාමයෙන් වසර කිහිපයකට පසුව පැවති ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරණයේ දෙවැනි වටයේ ඡන්ද විමසීම ඊයේ (14දා) අවසන් වූ බව විදෙස් පුවත් සේවා පවසයි.
කෙසේ වෙතත් මෙවර මැතිවරණයේදී තලේබාන් ත්රස්තයන්ගෙන් එල්ල විය හැකි තර්ජන මැඩපැවැත්වීමටත්, මැතිවරණයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහාත් 180,000කට අධික පොලිස් සහ හමුදා භට පිරිසක් යොදවා තිබූ බවද විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.
ඡන්දය ප්‍රකාශ නොකරන ලෙසට තලේබාන් ත්රස්තයන් අනතුරු අඟවා තිබියදීත්, වෙඩි තැබීම් නොතකා තම ඡන්දය ප්‍රකාශ කිරීමට උතුරු ඇෆ්ගනිස්තානයේ කුන්දුස් පළාතේ ජනතාව එඩිතර පියවර ගෙන තිබුණු බව කියැවෙයි.
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා කොටළුවෙක් පිට නැගී ඊසානදිග ඇෆ්ගනිස්තානයේ කුනාර් දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථානයකට පැමිණි 69 හැවිරිදි කාන්තාවක් කියා සිටියේ රොකට් ප්‍රහාරවලට තමා බියට පත් කිරීමට නොහැකි වූ බවය.
ඇෆ්ගනිස්තානයේ මීළඟ ජනාධිපතිවරයා ලෙස හිටපු විදේශ ඇමති අබ්දුල්ලා අබ්දුල්ලා තෝරා ගන්නවාද, එසේ නොමැති නම්, හිටපු මුදල් ඇමති අෂ්රෆ් ඝානි තෝරා ගන්නවාද යන්න තීරණය කිරීමට මෙහිදී ජනතාවට අවස්ථාව හිමිව තිබුණි.