ඇල්ජීරියානු හමුදාවේ ප්‍රවාහන ගුවන් යානයක් මගීන් හා කාර්ය මණ්ඩලය ඇතුළු 103 දෙනෙකු සමග ඊසානදිග කඳුකර ප්‍රදේශයකදී අනතුරට ලක්ව ඇති බව වාර්තා වෙයි.
අනතුරට පත්වන අවස්ථාවේදී ගුවන් යානය හමුදා නිලධාරීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ප්‍රවාහනය කරමින් සිට තිබේ. කෙසේ වෙතත් අනතුරින් 100කට වැඩි පරිසක් මරණයට පත්වන්නට ඇති බව දැනට ලැබෙන වාර්තාවලින් කියැවෙන අතර, මියගිය අය අතර කාන්තාවන් හා කුඩා දරුවන්ද සිටින බවද පැවසෙයි.
තොරතුරුවලට අනුව එය හර්කියුලීස් සී-130 මාදිලියේ ගුවන් යානයකි.එරට මාධ්‍ය වාර්තා කරන්නේ ගුවන් යානය අනතුරට පත්වීමෙන් පසු හමුවූ දරුණු තුවාල ලැබූවන් වහාම රෝහල්ගත කිරීමට කටයුතු කර ඇති බවයි.
අයහපත් කාලගුණය හා දැඩි සුළං තත්ත්වය අනතුරට හේතුව විය හැකි බව මේ වනවිට වාර්තා වෙයි.