(UPDATE) ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ, ඔර්ලෑන්ඩෝ හි රාත්‍රී සමාජශාලාවක සිදුවූ වෙඩි තැබීමකින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, 42 දෙනෙකු තුවාල ලබා බව වාර්තා වෙයි.
විදෙස් වාර්තා පෙන්වා දෙන පරිදි, ඔර්ලෑන්ඩෝ නගර මධ්‍යයේ පිහිටි සමලිංගිකයන්ට වෙන්වූ මෙම රාත්‍රී සමාජශාලාව තුළ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා මේ වනවිට ඝාතනය කර ඇති බවයි.
මෙය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස විශ්වාස කළත්, එය එරට තුළම හෝ ජාත්‍යන්තරව සංවිධානය වූ ප්‍රහාරයක්ද යන්න තවම නිශ්චය කරගෙන නොමැති බවද වාර්තා වෙයි.
සමාජශාලාව තුළ සිටින පිරිස් තම ඥාතීන් වෙන දුරකථන හා කෙටි පණිවුඩවලින් සිද්ධිය දැනුම්දී ඇති අතර, බොහෝ දෙනෙකු වෙඩි වැදී සිටි බව කියැවෙයි.
එමෙන්ම, ප්‍රහාරයට පැමිණි පුද්ගලයා වෙඩි ප්‍රහාර 20කට වඩා ඒ තුළදී එල්ල කර ඇති බවද වාර්තා වෙයි.
මේ අතර, ප්‍රහාරකයා මරාගෙන මැරෙන ඇඳම් කට්ටලයක් ඇඳ සිටි බවටද මුලින් සැක කෙරුණත් එවැන්නක් නොතිබූ බවද කියැවෙයි.
මෙම සිදුවීම සිදුවන අවස්ථාවේදී පුද්ගලයන් 100කට වැඩි පිරිසක් සමාජ ශාලාව තුළ සිටි බවද විදෙස් වාර්තා පවසයි.