ඇමෙරිකානු ගුවාම් දූපත් රාජ්‍ය ආසන්නයට මිසයිල ප්‍රහාර 4ක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බව උතුරු කොරියාව අනාවරණය කරයි.
ඒ අනුව, ජනපති කිම් ජෝන්ග්-උන් විසින් අදාළ සැලසුම පිළිගැනීමත් සමග හව්සොන්ග්-12 දිගුදුර මිසයිල ගුවාම් දූපතට කිලෝමීටර් 30ක් පමණ ඔබ්බෙන් වූ මුහුදට පතිත වනු ඇති බව උතුරු කොරියාව පවසයි.
ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ අනතුරු ඇඟවීම් තරයේ ප්‍රතික්ෂේප කරන උතුරු කොරියාව පවසන්නේ වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විවිධ හේතු නිසා අසරණව සිටින පුද්ගලයෙකු බවයි.
කෙසේ වෙතත්, ඇමෙරිකාව කියා සිටියේ උතුරු කොරියාව යම් ලෙසකින් එවැනි මියසිල ප්‍රහාරයකට සැරසුණහොත්, එය කොරියානු රාජ්‍යයේ අවසානය බවයි.
ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ජිම් මැටිස් පවසා සිටියේ, උතුරු කොරියාව විසින් ඇමෙරිකාව හෝ ඔවුන්ට මිත්‍ර රටක් සමග වූ යුද්ධයක් ගැන උවමනාවටත් වඩා අධි තක්සේරුවකින් සිතන බ වයි.