ඇමෙරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ කලාපයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණ හිටවමින්, ගුවන්ගමන් අඩාලකරවමින්, විදුලිබලය සම්පූර්ණයෙන් බිඳලමින් හමාගිය හිම කුණාටුව මේ වනවිට නැගෙනහිර කැනඩාව වෙත ගමන් කරමින් පවතින බව වාර්තා වෙයි.
කැනඩාවේ ඇතැම් ප්‍රදේශ වෙත සෙන්ටිමීටර් 60ක පමණ හිමපතනයක් බලාපොරොත්තු විය හැකි අතර, දැඩි සුළං හේතුවෙන් ගස් කඩාවැටීම්, නිවාස අලාභානි සිදුවිය හැකි බවටද අනතුරු ඇඟවිම් කර තිබේ.
මේ අතර ට්‍රාන්ස්-කැනඩා අධිවේගී මාර්ගයේ කොටසක් වසා දැමීමටද බලධාරීන් පියවර ගෙන ඇත.
මේ වනවිටත් මෙම හිම කුණාටුව හේතුවෙන් 25කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වෙයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ පමණක් 450,000 ක ජනතාව විදුලිබලය නොමැතිව පීඩාවට පත්ව ඇති බවත්, බොහෝ ව්‍යාපාර වසා දමා අති බවත් කියැවෙයි.
මේ අයහපත් කාලගුණික තත්ත්වය ඉදිරි දින කිහිපයේදී ක්‍රමයෙන් අඩු වුවත්, පැයට සැතපුම් 60ක පමණ වේගයෙන් හමන සුළං හා සෙන්ටිමීටර් 30ක පමණ හිමපතනය තවදුටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ අංශ පෙන්වා දෙයි.