ඇමෙරිකාවට උ.කොරියාව විනාශ කරන්න පුළුවන් -ට්‍රම්ප්
ඇමෙරිකාවට තම ආරක්ෂාව සලසා ගැනීමට හෝ තම සමීපතමයන්ගේ ආරක්ෂාව සැලසීම වෙනුවෙන් උතුරු කොරියාව සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට පවා සිදුවිය හැකි බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ සැසිවාරය අමතමින් අවධාරණය කළේය.
මහා මණ්ඩලය අමතා ට්‍රම්ප් ඇමෙරිකානු ජනපති ධුරයේ සිදුකළ ප්‍රථම කතාවේදී ඔහු උතුරු කොරියානු නායක කිම් ජෝන්ග් උන් හඳුන්වා දුන්නේ සියදිවි හානිකර ගැනීමට කටයුතු කරන රොකට් මිනිසා යනුවෙනි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පසුගිය කාලය පුරාවට උතුර කොරියාවට එරෙහිව සම්බාධක පැනවූවත්, ඔවුන් සිය න්‍යෂ්ටි හෝ මිසයිල වැඩසටහන අත්හැරීමක් සිදු නොකළේය.
එමෙන්ම, මෙම මහා මණ්ඩල කතාවේදී ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉරානය ගැනද අදහස් දැක්වීය.
ඉරානයේ පවතින දූෂිත ඒකාධිපතිවාදය විසින් මැදපෙරදිග කලාපයේ ස්ථාවරත්වය සම්පූර්ණයෙන්ම පාහේ අඩපණ කර ඇති බවද ට්‍රම්ප් ජනාධිපතිවරයා කියා සිටියේය.
.jpg)
.png)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

