සිරියාවේ කුර්දි සටන්කාමීන් වෙත ඇමෙරිකාව ගුවනින් හෙලන ලද ආයුධ ISIS අන්තවාදීන් අතට පත්වූයේද යන්න පිළිබඳ පරීක්ෂණ මෙහෙයවන බව ඇමෙරිකාව කියයි.
ISIS ඉස්ලාමීය අන්තවාදීන් සිය වීඩියෝවක ඇමෙරිකානු ආරක්ෂක අංශ විසින් ගුවනින් හෙලූ ආයුද බහාලුමක් ප්‍රදර්ශනය කිරීමත් සමග ඇමෙරිකාව මෙම පරීක්ෂණය අරඹා තිබේ.
පසුගිය සඳුදා දිනයේදී කුඩා ආයුද, පුපුරණ ද්‍රව්‍ය සහ අනෙකුත් ආරක්ෂක උපකරණ සහිත බහාලුම් 27ක් සිරියාවේ කොබානේ නගරය වෙත ඇමෙරිකාව ගුවනින් හෙළන ලදී.
කුර්දි හමුදා කොබානේ නගරයෙන් වැඩි කොටසක බලය තහවුරු කරගෙන සිටියත්, ඉන් කොටසක් ISIS ඉස්ලාමීය අන්තවාදීන් අතට පත්ව තිබේ.
මානව හිමිකම් පිළිබඳ සිරියානු නිරීක්ෂණයේ ක්‍රියාකාරිකයෙකු පවසා සිටියේ ඇමෙරිකාව විසින් හෙලූ එක් ආයුද බහාලුමක් අන්තවාදීන් අතට පත්ව ඇති බවයි.